Monday, August 10, 2009

සිංහල භාෂාව

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජන කොට්ඨාශය වන සිංහල ජනයාගේ මවු බස සිංහල වෙයි. එසේ වු ව ද අද වන විට මිලියන 16 කට අධික සිංහල සහ සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිතා කරති. සිංහල‍ ඉන්දු-යුරෝපීය භාෂාවල උප ගණයක් වන ඉන්දු-ආර්ය භාෂා ගණයට අයිති වන අතර මාල දිවයින භාවිත කරන දිවෙලි භාෂාව සිංහලයෙන් පැවත එන්නකි..
සිංහල භාෂාව ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ක්‍රි.පූ. 500දී පමණ විජයාගමනයෙන් ලැඛුණු බව සමහර සෙල්ලිපිවල හා මහාවංශයේ සඳහන් වේ. එහෙත් විජයාගමනයට පර ද ලංකාව ජනාවාස ව පැවති බැවින් ඉන්දියානු භාෂා හා ස්වදේශිය භාෂා සම්මිශ්‍රණයෙන් සිංහල භාෂාව බිහි වූ බව සමහර විද්වත්හු පවසති.
සිංහල සාහිත්‍යය සැළකීමේ දී පැරණි සිංහල සාහිත්‍යය බුදු දහමෙන් විශාල ආභාසයක් ලබා ඇත. මේවා ඉන්දියානු කෘතිවලට සමානතාවක් දක්වයි (ඉන්දියානු සන්දේශ කාව්‍ය). කාලිදාස සහ එවැනි ඉන්දියානු කිවියන්ගේ ආභාෂය සිංහල සාහිත්‍යයේ ඇති බවට කුකවි වැඩ විවාදයන් සාක්ෂි දරයි. දකුණු ඉන්දීය දෙමළ ජාතිකයින්ගේ ආක්‍රමණ නිසා බොහෝ දෙමළ වචන සිංහල භාෂාවට ඇතුළු වූ අතර පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ආක්‍රමණ නිසා සිංහල භාෂාවට එම වචන ද ඇතුළු වී ඇත.
ක්‍රි.ව. 20වන ‍ශත වර්ෂයේමුල් වකවානුවේ කුමාරතුංග මුනිදාස පඪිදු ඇරඹි හෙළ බස ව්‍යාපෘතිය නීසා ද, දිනමිණ වැනි පුවත් පත් නිසා ද සිංහල භාෂාවට නව ජීවයක් ලැබුණි. (මාර්ටින් වික්‍රමසිංහ කීතු දිනමිණ පුවත් පතෙහි ප්‍රසිද්ධ කතුවරයෙකි)
සිංහල අක්ෂර ක්‍රි.පූ. 500දී පමණ ශ්‍රී ලංකාවට හැඳින්වුණු පැරණි බ්‍රාහ්මීය අක්ෂරවලින් පැවත එයි. සිංහල හෝඩියේ අක්ෂර 60ක් ඇති අතර ඉන් 4ක් මෑත කාලයේ දී ඇතුළත් වූ ඒවා වෙයි. සිංහල භාෂාවෙහි ස්වර විශාල ප්‍රමාණයක් ඇත.
සිංහල භාෂාවට දුරස්ම අනු-භාෂාව කතා කරන්නේ රොඩී කුළයෙහි පුද්ගලයින්ය. වැද්දන් කතා කරන භාෂාව සිංහලට සමානතාවක් දැක්වූවත්, එහි වෙන භාෂාවල නැති වචන විශාල ප්‍රමාණයක් ඇත.
සිංහල ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ ජාතික භාෂාවක් ලෙස සලකයි.

No comments:

Post a Comment