Monday, August 10, 2009
ශ්‍රී ලංකාවේ ඓතිහාසික රාජ යුග පිලිබද විස්තර
උපතිස්ස ග්‍රාම - බු.ව 526 - 504 කාලය
පඩුවස්නුවර - බු.ව 504 - 474 කාලය
අනුරාධපුර යුගය - බු.ව 473 - 1017 කාලය
පොළොන්නරු - බු.ව 1016 - 1215 කාලය
දඹදෙනිය යුගය - බු.ව 1215 - 1272 කාලය
යාපහුව යුගය - බු.ව 1272 - 1300 කාලය
කුරුණෑගල යුගය - බු.ව 1293 - 1341 කාලය
ගම්පොල යුගය - බු.ව 1341 - 1415 කාලය
කොට්ටේ යුගය - බු.ව 1415 - 1514 කාලය
මහනුවර යුගය - බු.ව 1514 - 1815 කාලය
පෟතුගීසි පාලන කාලය - 1505 - 1796
ලන්දේසි පාලන කාලය- 1796 - 1815
ඉංග්‍රීසි පාලන කාලය - 1815 - 1948
ශ්‍රී ලංකාවේ ඉතිහාසය වාර්ථා ගතව ඇත්තේ බු.ව 543 පසුව සිටය.විජය කුමරුගේ පැමිනීමෙන් පසු ඇතිවූ රාජ්‍ය පාලනය 1815 දක්වා පැවතුනි.
තම්මැන්නා යුගය - බු.ව 543 - 505 කාලය
බු.ව 543 - 505 කාලය තුල රජ කල විජය කුමරු ඓතිහාසික ඉන්දියාවේ රජ කල විජයබාහු රජුගේ පුතුනුවන්ය.ඳගකාර හැසිරීම් වලට දඩුවමක් ලෙස තවත් 700ක් කුමාර වරුන් සමග විජය කුමරුව රටින් පිටුවහල් කරන ලදී.කුමරු රැගත් නෞකාව ශ්‍රී ලංකාවේ වයඹ මුහුදු තීරයට ලගා වූ අතර ලංකාවේ ගෝත්‍රික රජකුමරියක් වූ කුවේනිය හා එක්වී තම්මැන්නා රාජධානිය ඇතිකර වසර 38ක් පාලනය කල හ. පසුව විජය කුමරු කුවේනිය නෙරපා ඉන්දියානු කුමාරිකාවක් සරණපාවාගත්තත් විජය කුවේනිට දාව දරුවන් දෙදෙනකු (දීගහත්ත සහ විසාලා) සිටි බවත් සිංහලයන් ඔවුන්ගෙන් පැවත එන බවට මතයක් පවතී.
උපතිස්ස ග්‍රාම - බු.ව 526 - 504 කාලය
විජය කුමරුගේ මහ ඇමති ලෙස සිටි උපතිස්ස වසරක කාලයක් රජකම් කලහ.
පඩුවස්නුවර - බු.ව 504 - 474 කාලය
වසර 30ක කාලයක් උපතිස්ස ග්‍රාමයම අගනුවර කරගෙන රට පාලනය කල පඩුවස් දෙව් රජතුමා ද විජය කුමරුගේ සහෝදරයාගේ පුතුනුවන් කෙනෙකි.ලංකාවේ ප්‍රථම ජලාශය වන අභය වැව ඉදිකරන ලද්දේ පඩුවස් දෙව් රජතුමාය. ඉන්දියානු කුමාරිකාවක් සරණපාවාගත් රජතුමාට පුතුන් 10කුත් එක දූ කුමාරි කාවකුත් සිටි අතර ඇය උම්මාද චිත්‍රාය.
අනුරාධපුර යුගය - බු.ව 473 - 1017 කාලය
අනුරාධපුර රාජධානිය ඉදිකලේ පණ්ඩුකාභය රජුය. පණ්ඩුකාභය රජතුමා උම්මාද චිත්‍රාගේ පුතුනුවන්ය.මෙම රාජ්‍ය කාලයෙන් පසු අනුරාධපුර රාජධානිය ම මුල් කරගෙන තවත් විශිෂ්ඨ රජ වරු කීපදෙනෙකුම රට පාලනය කලහ.ඒ අතර දුටුගැමුනු රජතුමා, මහින්ද රජ තුමා ප්‍රමුකය.
ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය
රාජකීය උත්සව සදහා අනාදිමත් කාලයක සිට මෙම මල භාවිතා කරනු ලැබීම.
උපුල්වන් දෙවිදුන් සමග සම්බන්ධ කෙරෙන පුෂ්පයක් වීම.(මේ දෙවිදුට ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම භාර වී ඇතැයි විශ්වාසයක් පවතී.)
බලවත් රෝග සමනය කිරීමේ සමත් සිසිල් ගුණයක් සහිත ඖෂධීය පුෂ්පයක් වීම.
මලේ වක්‍ර වූ පත්‍රවලින් ශුභ සලකුණක් වූ ස්වස්තිකය මූර්තිමත් වීම.
නිල් මහනෙල් හි විද්‍යාත්මක නාමය - Nympheae Stellata
සිංහල භාෂාව
සිංහල භාෂාව ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ක්‍රි.පූ. 500දී පමණ විජයාගමනයෙන් ලැඛුණු බව සමහර සෙල්ලිපිවල හා මහාවංශයේ සඳහන් වේ. එහෙත් විජයාගමනයට පර ද ලංකාව ජනාවාස ව පැවති බැවින් ඉන්දියානු භාෂා හා ස්වදේශිය භාෂා සම්මිශ්‍රණයෙන් සිංහල භාෂාව බිහි වූ බව සමහර විද්වත්හු පවසති.
සිංහල සාහිත්‍යය සැළකීමේ දී පැරණි සිංහල සාහිත්‍යය බුදු දහමෙන් විශාල ආභාසයක් ලබා ඇත. මේවා ඉන්දියානු කෘතිවලට සමානතාවක් දක්වයි (ඉන්දියානු සන්දේශ කාව්‍ය). කාලිදාස සහ එවැනි ඉන්දියානු කිවියන්ගේ ආභාෂය සිංහල සාහිත්‍යයේ ඇති බවට කුකවි වැඩ විවාදයන් සාක්ෂි දරයි. දකුණු ඉන්දීය දෙමළ ජාතිකයින්ගේ ආක්‍රමණ නිසා බොහෝ දෙමළ වචන සිංහල භාෂාවට ඇතුළු වූ අතර පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ආක්‍රමණ නිසා සිංහල භාෂාවට එම වචන ද ඇතුළු වී ඇත.
ක්‍රි.ව. 20වන ශත වර්ෂයේමුල් වකවානුවේ කුමාරතුංග මුනිදාස පඪිදු ඇරඹි හෙළ බස ව්‍යාපෘතිය නීසා ද, දිනමිණ වැනි පුවත් පත් නිසා ද සිංහල භාෂාවට නව ජීවයක් ලැබුණි. (මාර්ටින් වික්‍රමසිංහ කීතු දිනමිණ පුවත් පතෙහි ප්‍රසිද්ධ කතුවරයෙකි)
සිංහල අක්ෂර ක්‍රි.පූ. 500දී පමණ ශ්‍රී ලංකාවට හැඳින්වුණු පැරණි බ්‍රාහ්මීය අක්ෂරවලින් පැවත එයි. සිංහල හෝඩියේ අක්ෂර 60ක් ඇති අතර ඉන් 4ක් මෑත කාලයේ දී ඇතුළත් වූ ඒවා වෙයි. සිංහල භාෂාවෙහි ස්වර විශාල ප්‍රමාණයක් ඇත.
සිංහල භාෂාවට දුරස්ම අනු-භාෂාව කතා කරන්නේ රොඩී කුළයෙහි පුද්ගලයින්ය. වැද්දන් කතා කරන භාෂාව සිංහලට සමානතාවක් දැක්වූවත්, එහි වෙන භාෂාවල නැති වචන විශාල ප්‍රමාණයක් ඇත.
සිංහල ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ ජාතික භාෂාවක් ලෙස සලකයි.
ශ්‍රී ලංකා ජාතික කොඩිය හා ලංකා ගීතය
මෙය ශී්‍ර ලාංකාවේ ජන ප්‍රතිශතය අනුව ශී්‍ර ලංකා රාජ පරම්පරාවේ අවසන් රජු වන ශී්‍ර වික්‍රම රාජසිංහ රජුගේ පූර්ව නිර්මානයකට අනුව වැඩි දියුණු කරන ලද්දකි. එහි මධ්‍යයෙහි දකුණතින් කඩුවක් ගත් සිංහයෙකු ද, කොන් සතරෙහි බෝ පත්‍රද පිහිටා ඇත. 1948 පබරවාරී 4 දින බි්‍රතාන්‍යයෙන් නිදහස ලබන තුරුම පැවතියේ මෙම ශී්‍ර වික්‍රම රාජසිංහ රජු විසින් සකස් කරන ලද ජාතික ධජයයි.
නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය වන ඩී.ඇස් සේනානායක විසින් පත් කරන ලද කමිටුවකට නව ධජයක් නිර්මාණය කරන ලෙස පවරන ලද අතර එමගින් නිර්මාණය කරන ලද නව ධජය 1950 පෙබරවාරී මස සම්මත කර ගන්නා ලදි.
එහි පෙර පරිදිම සිංහයාගේ සලකුණ ද එමෙන්ම කොන් සතරෙහි බෝ පත් ද පිහිටා ඇත. එමෙන්ම කොල සහ තැඹිලි වර්ණ තිරස් රේඛා දෙකක් ද අලුතින් එක් වුණි. ජාතික ධජයේ පිහිටි සලකුණු වලින් සංකේතවත් වන කරුණු මෙසේය.
සිංහ සලකුණ, සිංහල ජාතිය පිළිබිඹු කරයි.
සිංහයාගේ දකුණතේ ඇති කඩුව දේශයේ අභිමානය පිළිබිඹු කරයි.
සිංහයාගේ හිසෙහි රැලි වූ හිසකෙස් ආගමික ළබැදියාව, ප්‍රඥාවන්ත භාවය සහ තැන්පත් භාවය පිළිබිඹු කරයි.
සිංහයාගේ රැවුලෙන් වචන වල ඇති නිර්මල භාවය පිළිබිඹු කරයි.
සිංහයා ගේ කඩුවෙහි හැඩලයෙන් ජලය, ගින්දර, වාතය සහ පෘථිවිය යන කොටස් සංකේතවත් කරයි.
සිංහයාගේ නාසය බුද්ධිමත් භාවය සංකේතවත් කරයි.
තැඹිලි පැහැති තිරස් රේඛාව දමිළ ජාතිය ද, කොළ පැහැති තිරස් රේඛාව මුස්‌ලිම් ජාතිය ද, නියෝජනය කරයි.
ධජය වටයෙහි ඇති කහ පැහැති බෝඩරය අනෙකුත් සියලුම සුළු ජාතීන් නියෝජනය කරයි.
කොන් සතරෙහි පිහිටි බෝ කොල සතරෙන් බුදු දහමේ එන මෙත්තා, මුදිතා, කරුණා සහ උපේක්‌ෂා යන සතර බ්‍රහ්ම විහරණය පිළිබිඹු කරයි.
ධජයේ මෙරුන් පැහැති පසුබිම අනෙකුත් සියලුම ආගම් නියෝජනය කරයි.
මෙසේ නැවත ප්‍රතිනිර්මාණය කරන ලද නව ජාතික ධජය ප්‍රථම වරට ගුවනේ ඔසවනු ලැබුයේ 1950 මාර්තු 3 වන දිනය.
ලංකා ගීතය
ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්දර සිරිබරිනි
සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්තී පූජා
නමෝ නමෝ මාතා
අප ශ්‍රී... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
ඔබ වේ අප විද්‍යා
ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්තිඅප හද තුළ භක්ති
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ
නිතින අප පුබුදු කරන් මාතාඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජයභූමී කරා
එක මවකගේ දරුකැල බැවිනා
යමු යමු වී නොපමාප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
යුද්දෙන් පසු ආර්ථිකයේ විශ්මයක් කළ හැකියි ???????
ජුනි,18,(විමසුම) – වර්ගවාදී යුද්ධය අවසන් වීමත් සමගම ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරියේදී ඉන්දියාවේ, හෙංකොං දේශය වනු ඇතැයි, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු අනාවැකි පල කරයි.
පසුගිය එක්සත් ජාතික පක්ෂ රජයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරය දැරූ, වත්මනෙහි සිංගප්පූරුවේ HSBC බැංකු ප්‍රධානී, ආසියානු කලාපීය ආයෝජන මූලෝපායවේදී තනතුරක් දරන අර්ජුන මහේන්ද්‍ර මහතා මේ පිළිබඳව විදෙස් ප්‍රවෘත්ති සේවයකට පළකල අනාවැකිය මෙසේය.
"ශ්‍රී ලංකාවේ ආර්ථික නැගිටීම විශ්මය ජනක ලෙස සිදුකළ හැකියි. චීනයේ වෙළෙඳ මධ්‍යස්ථානය ලෙස, හොංකොං දේශය ආර්ථික ප්‍රතිලාභ ලබන සේම, දකුණු ඉන්දියාවේ සිට කිලෝමීටර් 31 ක් ආසන්නයේ පිහිටි ලංකාවටද ලොව දෙවැනියට වේගයෙන් වර්ධනය වන ඉන්දියානු ආර්ථිකයේ ප්‍රතිලාභ ලැබිය හැකියි. "
" කොළඹ වරායේ දෛනික මෙහෙයුම් ධාරිතාවෙයෙන් සියයට 70 ක්ම නියෝජනය වනුයේ ඉන්දියාවේ සිට මෙරටට ආනයනය වන අන්තර් වරාය බහලුම් කටයුතුයි. ඉන්දියාවේ ප්‍රමාණවත් වරාය පහසුකම් නැති නිසා අපට මේ ප්‍රමාණය වැඩි දියුණු කල හැකියි. මේ වන විටත් කොළඹ දකුණු වරාය පුළුල් කරන සැලසුම් සකස් කරමින් පවතින නිසා මෙම ඉලක්ක සපුරා ගත හැකියි."
ඇමෙරිකානු ඩොලර් බිලියන 32 ක වාර්ෂික වටිනාකමක් ඇති ශ්‍රී ලංකා ආර්ථිකයේ වසර 06 කට පසු වාර්තා වූ අඩුම ආර්ථික වර්ධන වේගය මේ වසරේ මුල් කාර්තුවේ වාර්තා වූ අතර එය ගිය වසරේ මුල් කාර්තුවේ වූ සියයට 6.2 ට සාපේක්ෂව සියයට 1.5 කි.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මේ වසරේ මුල් කාර්තුවේදී අංශ තුනේම වාර්තාවූ අඩු වර්ධනය ආර්ථික වර්ධනය පහළ යෑමට හේතුවූ බවත් සේවා අංශයේ දැඩි පසුබෑම කැපී පෙනෙන බවයි.
ලෝක ආර්ථික අර්බුදයේ බලපෑම මෙම මන්දගාමී වර්ධනයට සෘජු හා වක්‍ර ලෙස බලපා තිබෙන බව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සුරංජනා විද්‍යාරත්න මහත්මිය ඊයේ කොළඹදී පැවසුවාය.
කෙසේවෙතත්, ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙම දුබලතා මග හරවමින් ශීඝ්‍ර ආර්ථික වර්ධනයකට යුද්ධයේ අවසානයත් සමගම ලංකාව සාර්ථකව අධිතාලමක් දමමින් පවතින බවයි.
ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි විශ්වසනීයත්වය වැඩි වර්ධනය කරමින් පසුගිය මැයි 18 දා කොටි සංවිධානය යුද්ධමය වශයෙන් මෙරට ආරක්ෂක හමුදාව විසින් පරාජය කිරීමත් සමගම මෙරට කොටස් වෙළෙඳ පොළේ ප්‍රධාන මිල දර්ශක අගය සියයට 20 කින් ඉහළ ගොස් ඇති අතර සංචාරක, ආයෝජන, වෙළෙඳ මේ ආදී සෑම ක්ෂේත්‍රයකම පිබිදීමක් අපේක්ෂා කරන බවද විශ්ලේෂකයෝ පවසති.
පිහිටීම සහ භූ ලක්ෂණ
වර්ග කිලෝ මීටර් 65,610 ක් වන මෙය ලෝකයේ අනෙකුත් දූපත් හා සසඳන විට මධ්‍යම ප්‍රමාණයේ දූපතකි. විවිධ භු විෂමතාවයෙන් හෙබි අපූරු දූපතක් වන මෙහි උතුරු කෙළවරේ පේදුරු තුඩුවේ සිට දකුණේ දෙවුන්දර තුඩුව දක්‌වා දිග කිලෝ මීටර් 447 ක් වන අතර පළල ම කොටස බටහිරින් කොළඹ සිට නැගෙනහිරින් සංගමන් කන්ද තුඩුව දක්‌වා වේ. එම දුර ප්‍රමාණය කිලෝමීටර් 219 කි.
ලෝකයේ පැරණිතම භු ස්‌කන්ධයක් වන දකුණු ඉන්දියාවේ ඩෙකැන් සානුවෙන් වෙන් වු කොටසක් වන ශ්‍රී ලංකාවෙහි හුණුගලින් සෑදුණු උතුරේ යාපන අර්ධද්වීපයත්, වයඹ දිග වෙරළත්, නැගෙනහිර වෙරළෙහි තැනින් තැන දක්‌නට ලැබෙන පටු තීරු කිහිපයකුත් හැරණු කොට ප්‍රධාන වශයෙන්ම ස්‌ඵටික පාෂාණ වලින් නිර්මිතය.
විවිධ භු විෂමතාවයෙන් හෙබි අපූරු දූපතක් වන ශ්‍රී ලංකාවේ භු විෂමතාව ප්‍රධාන වශයෙන් කලාප තුනකට බෙදේ. වෙරළබඩ තැනිතලාව, අභ්‍යන්තර තැනිතලාව හා මධ්‍යම කදුකරය ඒ ත්‍රිත්වයයි. වෙරළ තීරය කිලෝමීටර් 1670 පමණ දිගින් යුක්‌ත වන අතර එම වෙරළෙහි තුඩු, බොකු, ද්‍රෝණි, මෝය, කලපු හා දූපත් වැනි වෙරළබඩ ලක්‌ෂණ පිහිටා ඇත. මධ්‍යම කදුකරය මුහුදු මට්‌ටමෙන් මීටර් 2,500 ක් තරම් උසකින් පිහිටා තිබේ. එහි ඉහළම මුදුන මීටර් 2524 කි. මෙහි ආරම්භ වන ගංඟා රාශියකි. මහවැලි, කැළණි, වළවේ හා කළු යන ගංඟා එයින් ප්‍රධාන ය.
මෙම ප්‍රදේශයේ දක්‌නට ලැබෙන සීඝ්‍ර බෑවුම් ඔස්‌සේ ගංඟා ගලා බැසීම නිසා ආකර්ශණීය දියඇලි බිහිවී ඇත. අභ්‍යන්තර තැනිතලා ඔස්‌සේ ගලා බසින ගංගා ඇළ දොළ හේතු කොටගෙන හා පිහිටීම අනුව මෙහි භුමියේ විශේෂත්වයක් දැකිය හැකිය.
ඉතිහාසය
මුල් පිටුව
ශ්‍රී ලංකා රජයේ නිල අන්තර්ජාල බිහිදොරවඩා හොදින් බැලීමට 1024 X 768
ඝර්ම කලාපීය රටක් වශයෙන් පිළිගැනෙන ශ්‍රී ලංකාවේ වාර්ෂික සාමාන්‍ය
උෂ්ණත්වය 27.8°චකි. එසේ වුව ද උෂ්ණත්වයේ ප්‍රාදේශීය වෙනස්‌කම් සුළු
වශයෙන් දැකිය හැකි ය. මුහුදු මට්‌ටමේ සිට ඇති උස අනුව මෙය සි¿දුවේ.
මෙලෙස මුහුදුබඩ පිහිටි කොළඹ නගරයේ සාමාන්‍ය උෂ්ණත්වය 27° පමණ
වන අතර, කදුකරයේ පිහිටි නුවරඑළිය නගරයේ සාමාන්‍ය උෂ්ණත්වය 15°
පමණ වේ. ශ්‍රී ලංකාව සාගරයෙන් වට වු කුඩා දිවයිනක් හෙයින් වසර පුරාම
සාගරයේ සිසිල නිරතුරුව ම ලබයි. එලෙසින් ම අවුරුද්ද මුළුල්ලේ ම වර්ෂාව
ද ලැබේ. වර්ෂාපතනය මි.මී.900 ත් මි.මී.6000 ත් අතර වෙනස් වෙයි.
ලැබෙන වර්ෂාවේ ප්‍රමාණය ද ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙයි. වැඩි
වර්ෂාපතනයක් ලැබෙනුයේ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් වලට ය.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ දේශගුණික කලාප තුනකි. අවුරුද්ද පුරා මි.මී.
2000 කට අධික වර්ෂාපතනයක් ලබන ප්‍රදේශය තෙත් කලාපය යි.
මි.මී. 1250 ත් මි.මී. 2000 ත් අතර සාමාන්‍ය වර්ෂාපතනයක් ලබන ප්‍රදේශය
වියළි කලාපය යි. 1250 ට අඩු වර්ෂාපතනයක් ලැබෙනුයේ අර්ධ ශුෂ්ක
කලාපයට ය. සංවහන, මෝසම් සහ වාසුළි නම් වර්ෂාව ලැබෙන ක්‍රම තුනක්
ද වෙයි. අවුරුද්දේ ඕනෑම සෘතුවක සංවහන වැසි ඇති විය හැකි ය.